25 C
Colombo
Saturday, December 9, 2023

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක් ඇති කිරිම සඳහා  සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට සාකච්ඡා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති YPO Colombo Experience: Rediscover the Pearl සම්මන්ත්‍රණයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.  

ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ  මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සමඟ පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මේ සඳහා අවධානය යොමු කළ බවයි.  

ශ්‍රී ලංකාව කලාපීය භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉහළ ආදායම් ලබන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ වන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී අදහස් පළ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...