පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩඉම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.
එහි උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත සදහන් කළේ මේ වනවිට එම අදියරේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවයි.
මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 45000කට අධික බවත් ඔහු සඳහන් කළා.