30 C
Colombo
Tuesday, April 29, 2025

මධ්‍යම අධිවේගයේ අනතුරකින් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මියයයි

- Advertisement -

මීරිගම මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (18) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ, 46 වන වියේ පසුවූ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්.

පසුගිය දා ඔහු සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී තිබුණා.

මීරිගම සිට කිලෝමීටර 5ක් පමණ දුරින් මීරිගම දෙසට ධාවනය කරමින් තිබූ සිමෙන්ති ප්‍රවාහන ලොරියක් හා ආචාර්යවරයා සහ පවුලේ අය ගමන් ගත් වෑන් රථය එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පවසන්නේ,  වෑන් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයේ ගැටී ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ සහ තවත් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

පුතා ගෙනා චීන පටස් හැපූ දන්ත වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයට

චීන පටස් එකක් හැපීමට ගිය දන්ත වෛද්‍යවරියක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර වෑකඩ...

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

POPULAR ARTICLES