28.2 C
Colombo
Wednesday, April 24, 2024

සරසවි සිසුන් මොඩර්නා එන්නත ඉල්ලා ගැටුමක

- Advertisement -

මොඩර්නා එන්නත ලබා ගැනීමට නොහැකි වූ සරසවි සිසුන් පිරිසක් නිසා අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී නොසන්සුන්තාවයක් ඇති විය.

විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබූ අතර යුද හමුදා රෝහලේ නිලධාරියෙකු එම මධ්‍යස්ථානයේදී අදාල එන්නත ලබා නොදෙන බව ප්‍රකාශ කිරීමත් සමග මෙම උණුසුම් තත්වය ඇති විය.

ඒ අතර සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිස පැවසුවේ සිය විශ්වවිද්‍යාලයේ ලිපි ශිර්ෂය යටතේ උපකුලපතිවරියගේ නමින් නිකුත් කළ දැනුම්දීමක් අනුව තමන් මොඩර්නා එන්නත ලබා ගැනීමට පැමිණි බවයි.

කෙසේ නමුත් ඊයේ දිනයේදී මොඩර්නා එන්නත ලබාදී තිබූ බැවින් එලෙස ලබාදුන්නේ කුමන පදනමකින්ද යැයි විමසා සිටීමේදී යුද හමුදා නිලධාරියෙක් සඳහන් කළේ විදෙස්ගත වන සිසුන් උදෙසා ගුවන් ගමන් බලපත්‍ර පරීක්ෂා කර එලෙස එන්නත ලබාදුන් බවයි.


RECENT ARTICLES - SINHALA

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...