33 C
Colombo
Saturday, April 20, 2024

කොවිඩ් දේහ ගැන එජාපයේ ස්ථාවරය ගැන නිවේදනයක්

- Advertisement -

කොවිඩ් හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු සම්බන්ධ තීරණය ආණ්ඩුව කඩිනමින් ගතයුතු බවත් සියලු ජනකොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසු පොදු එකඟතාවයකට පැමිණ එය ගතයුතු බවත් සිය ස්ථාවරය පැහැදිළි කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර ඇත.

දෙසැම්බර් 28 දින එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර ඇත.

දෙසැම්බර් 23 වැනිදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වගෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වික්‍රමසිංහ මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එය ඒකමතිකව අනුමත වී ඇති බවත් එම නිවේදනයේ සදහන්ව ඇත.

මෘතදේහයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරීම ඒ ඒ ජනකොටස්වල අයිතිවාසිකමක් බවත් විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්ඡා කළයුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

RECENT ARTICLES - SINHALA

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...