කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන ආධාර ලබා දෙන ලෙස තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඒ, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂයට පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ කට්ටල චීන තානාපති කාර්යාලයේදී භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්
මෙහිදී වජිර අබේවර්ධන මහතා චීන තානාපති කාර්යාලයටත්, චීන කොමියුනිස්ට් පක්ෂයටත් කොවිඩ් වසංගතය ආරම්භ වූ මොහොතේ සිට ශ්‍රී ලංකාවට දක්වන ලද සහයෝගය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සහ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්තූතිය පලකර සිටියා.
ඊයේ (13) දින චීන තානාපති කාර්යාලයේ උපදේශක චෙන් මහතා විසින් වජිර අබේවර්ධන මහතා වෙත මෙම උපකරණ කට්ටල බාරදීම සිදු කළ අතර කොරෝනා වසංගතයට ගොදුරුවන ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් පරිත්‍යාග කරන ලද මෙම වෛද්‍ය උපකරණ ඉදිරියේදී දිවයිනේ රෝහල්වලට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
