රට තුළ අභ්‍යන්තර සංක්‍රමණ සීමා කිරීමේ අරමුණින් එරට රජය විසින් හදුන්වා දී ඇති හියුකූ ක්‍රමයට චීන ජන සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ග්‍රාමීය ප්‍රදේශවල සිට නාගරික ප්‍රදේශවලට සිදුවන අධික ජන සංක්‍රමණය වැළැක්වීම සදහා චීන රාජ්‍ය බලධාරීන් විසින් හියුකූ නමින් නව බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දී ඇත.
මේ ක්‍රමය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල සිට නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වන්නේ නම් විශේෂ බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර එය ලබා ගැනීම ඉතා අසීරු ක්‍රියාවක් බව චීන වාර්තා සදහන් කරයි.
නාගරික ප්‍රදේශවල පවතින වෘත්තිමය සහ සංවර්ධිත ස්වරූපය පවත්වාගෙන යාම සදහා චීන බලධාරීන් මෙම ක්‍රමය අනුගමනය කළත් එය ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ දැඩි කණස්සල්ලට හා නොසන්සුන්තාවයට හේතුවී ඇති බව පැවසේ.
මෙම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් පැමිණවීමට චීන බලධාරීන් කටයුතු කළත් ග්‍රාමීය ප්‍රදේශවල පවතින දිළිදුකම සහ රැකියා විරහිතභාවය හේතුවෙන් තහනම නොතකා විශාල පිරිසක් නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වන බව ද චීන වාර්තාවල දැක්වේ.