25 C
Colombo
Friday, March 29, 2024

ජනතාව පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අල්ලා ගස් බදියි

- Advertisement -

ගල්පාත ප්‍රදේශයේදී බීමතින් අශෝභන ලෙස හැසිරුණු පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා විදුලි පහන් කණුවක ගැටගසා තිබෙනවා.

මෙම මන්ත්‍රීවරයා නොසන්සුන්කාරී ලෙස හැසිරී ප්‍රදේශවාසීන්ට හිරිහැර කිරීම නිසා කුපිත වූ පිරිසක් මන්ත්‍රීවරයාව විදුලි පහන් කණුවේ ගැට ගසා ඇති අතර පසුව ඔහුව කළුතර උතුර පොලිසියට භාරදීමට කටයුතු කළ බව ප්‍රදේශවාසීන් සදහන් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම මන්ත්‍රීවරයා මිතුරන් පිරිසක් සමඟ ගල්පාත ප්‍රදේශයට පැමිණ මත්පැන් පානය කර තිබෙනවා.

පසුව ඔහු මිතුරන්ගෙන් වෙන්ව ගොස් ගල්පාන, නාහුරුපොළ ප්‍රදේශයේදී මෙලෙස අශෝභන ලෙස හැසිරී ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කර ඇති බව තහවුරු වී තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරයා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...