ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන්.
ඇය පෙරේදා (24) දින රාත්‍රී 11 ට පමණ මහනුවර දිසාවේ සිට කුරුණෑගල දිසාව දෙසට ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.
අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බවත් ඇය බීමතින් සිට ඇද්දැයි අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ම ශ්වසන පරීක්ෂණයට ලක් කොට ඇති අතර ඇය බීමතින් නොසිටි බවත් පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.