26.1 C
Colombo
Wednesday, October 4, 2023

ආයුධ පෙන්වන්න ගිය ‘ඌරුජුවා’ ට පොලීසියෙන් වෙඩි

- Advertisement -

පාතාල නායක සමයංගෙන් පසු ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ බව පැවසෙන මාඹුලගේ දිනෙත් මෙලාන් මාඹුල හෙවත් ඌරුජුවා හට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.

ඔහුව මෙලෙස ඝාතනය කර ඇත්තේ නවගමුව පොලීසිය විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

නවගමුව සහ හංවැල්ල පොලිස් බල ප්‍රදේශවල සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන ඌරුජුවා පෙරේදා (10) නවගමුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ප්‍රකාශයක් සටහන් කරගෙන වැඩිදුර විමර්ශනයක් සඳහා අදාළ සැකකරු කඩුවෙල – වඳුරම්මුල්ල ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.

එහිදී ඇතිවූ සිදුවීම කුමක්දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නැහැ.

කෙසේ වෙතත්, මෙම සැකකරුගේ මියයෑම සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය මගින් විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

දුම්රියේ ගැටී බේරුණු දරුවන් දෙදෙනෙක්

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරුණු ඇදහිය නොහැකි පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බේරුවල මරක්කලවත්ත හේන පාර ප්‍රදේශයේදී මෙම අනතුර...

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය...

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...