25 C
Colombo
Friday, January 17, 2025

අමෙරිකානු තානාපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙලා

- Advertisement -

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා හමුවීම සඳහා බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට පැමිණියා.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව වන බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත් ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළා.

තවදුරටත් එතුමිය සඳහන් කර ඇත්තේ, දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා නව රජය ගන්නා උත්සාහය අගය කරන බවත්‍, මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්දනය සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත්ය.

එසේම සයිබර් අවකාශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහයෝගීතාවය ලබා දීමට සූදානම් බවත් ඇය පවසා තිබුණා.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ද සහභාගී වි තිබුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES