30 C
Colombo
Thursday, June 8, 2023

‘නරි දඩයම්’ මෙහෙයුමේ නිරත වූ චීන ජාතිකයන් 9 දෙනෙකුට ඇමරිකාවෙන් නඩු

- Advertisement -

ඔපරේෂන් ෆොක්ස් හන්ට් ⁣නමින් හැදින්වෙන චීනයේ අන්තර්ජාතික මෙහෙයුමට සම්බන්ධ වූ චීන ජාතිකයන් නව දෙනෙකුට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

එරට ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ චීන ජාතිකයන් නව දෙනා අතර චීනයේ ඉහළ පෙළේ නීති නිලධාරීයෙකු වන ටූ ලාන්ද වේ.

ඔපරේෂන් ෆොක්ස් හන්ට් යනු විවිධ ⁣දූෂණ චෝදනාවන්ට ලක්ව රටින් බැහැරව ලෝකයේ වෙනත් රටවල ජීවත්වන හිටපු නිලධාරින් ඇතුළු චීන ජාතිකයන් අත්අඩංගුවට ගැනීම සදහා දියත් කරන ලද මෙහෙයුමක් බව චීනය ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් ස්වාධීන ආයතන සහ විශ්ලේෂකයන් රැසකගේ මතය වී ඇත්තේ මෙහි ඉලක්කය චීනයේ කොමියුනිස්ට් පාලනය විවේචනය කිරීම හේතුවෙන් තර්ජනයට ලක්වීම මත එරටින් බැහැරව දිවිගෙවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම බවයි.

මෙහිදී චීනයෙන් පළාවිත් ඇමරිකාවේ ජීවත්වන චීන ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පැමිණි ෆොක්ස් හන්ට් මෙහෙයුමට සම්බන්ධ නිලධාරින් නව දෙනෙකු ඇමරිකාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

ඒ ඇමරිකාවේ නේවාසිකව ජීවත්වන පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට හිංසා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මතයි.

මේ සම්බන්ධයෙන් චීනය විසින් විරෝධය පළකර ඇතත් එම නිලධාරින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඇමරිකාව අවධාරණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...