28.4 C
Colombo
Friday, April 26, 2024

ෂැංග්‍රිලා සමුලුවේදී එක්සත් ජනපදය සහ චීනය අතර මතභේදයක්

- Advertisement -

ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරමින් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් වසර දෙකක පමණ කාලයක් අත්හිටුවීමෙන් පසු 19 වැනි ෂැංග්‍රි-ලා සංවාදය සිංගප්පූරුවේදී පසුගියදා අවසන් කෙරිණ.

සමුළුව අතරතුර, රටවල් හෝ කලාප 40 කට වැඩි ගණනක නියෝජිතයින් කලාපීය සහ ගෝලීය ආරක්ෂක ගැටළු පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබේ.

මෙහිදී චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඔවුන්ගේ පළමු මුහුණට මුහුණ හමුව පවත්වා ඇති අතර එහිදී තායිවානයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව පැවසේ.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් එහිදී කියා සිටියේ චීනය තායිවානයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරන බවයි.

මෙහිදී චීනය තායිවානයට ඇමරිකාව සිදු කරන අවි අලෙවිය හෙළා දකින බව සදහන් කර තිබේ.

ආරක්ෂක ලේකම් ඔස්ටින් චීනය ආරක්ෂක දෙපාර්තමේන්තුවට අභියෝගයක් ලෙස විස්තර කර ඇති අතර ඉන්දු පැසිෆික් කලාපය එක්සත් ජනපදයේ ප්‍රමුඛතාවය බව පැවසීය.

මේ අතර , එක්සත් ජනපද කොන්ග්‍රස් නියෝජිත පිරිසක් තායිවානයට ගොස් ඇති අතර ඇමරිකාව සහ චීනය අතර එය දැනටමත් පවතින නොසන්සුන් වූ සම්බන්ධතාවය තවදුරටත් උනුසුම් කිරීමට ද සමත් වී තිබේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...