ජාත්‍යන්තර සමාගම් 34 කට එරෙහිව දැඩි වාණිජ සහ ආරක්ෂක පියවර ගැනීමට ඇමරිකාව සූදානම් වන බව වාර්තා වේ.
එරට වාණිජ දෙපාර්තමේන්තුවේ කර්මාන්ත සහ ආරක්ෂණ කාර්යංශය මගින් මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ සමාගම් මගින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙනි.
මෙම දැවැන්ත සමාගම් පිළිබද ලැයිස්තුවක් මෙතෙක් ඉදිරිපත් කර නැතත් චීනය පදනම් කරගත් සමාගම් 14 ක් මේ අතර වන බව සදහන් වේ.
චීනයේ සිදුවන බව කියන, සුලු ජනවර්ගවල මානව හිමිකම් උල්ලංඝනයවීම් පදනම් කරගෙන මෙම සමාගම්වලට සීමා පැනවීමට නියමිත බව පැවසේ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සමග සබදතා පැවැත්වීම හේතුවෙන්ද සමාගම් හතරකට පමණ පියවර ගැනීමට නියමිතව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ සමාගම්වල ක්‍රියාකාරකම් ඇමරිකාව තුළ තහනම් හෝ සීමා කිරීම,එහි ප්‍රධානීන්ට සංචාරක තහනම් පැනවීම ආදි ක්‍රියාමාර්ග මේ යටතේ ගැනෙනු ඇති බවයි.