29 C
Colombo
Friday, April 19, 2024

කාබුල් ප්‍රහාරයේ මහ මොලකරු මරා දැමූ බව ඇමරිකාව කියයි

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ගුවන් තොටුපල ආසන්නයේත්, හෝටලයක් ආශ්‍රිතවත් එල්ල වූ ප්‍රහාරවල මහ මොලකරු මරා දැමූ බව ඇමරිකානු හමුදාව සදහන් කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා කාබුල් හි සිදුවූ ප්‍රහාරවලින් ඇමරිකානු හමුදා සාමාජිකයන් 13 දෙනෙකු සහ ඇ⁣ෆ්ගනිස්තාන වැසියන් 100 ක් පමණ මිය ගියහ.

මෙම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ IS සංවිධානයේ ඇෆ්ගනිස්තාන ශාඛාව ලෙස සැලකෙන ISKP සංවිධානය විසිනි.

ඊට දිනකට පසුව නියමුවන් රහිත ප්‍රහාරක යානා යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරයක් මගින් ඇෆ්ගනිස්තානයේ නන්දගාර් පළාතේ දී කාබුල් ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරු ඝාතනය කළ බව ඇමරිකානු හමුදාව සදහන් කරයි.

ඇමරිකානු නාවික බලකායේ කපිතාන් බිල් අර්බන් සදහන් කර ඇත්තේ විශේෂිත මෙහෙයුමක් හරහා අදාළ ත්‍රස්තවාදීන් විනාශ කිරීමට තමන්ට හැකිවූ බවයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...