28 C
Colombo
Thursday, December 2, 2021

සිය දරුවා අත් හරින තුරුම කඳුකර සිංහයකු සමඟ සටන් කළ නිර්භීත අම්මා

- Advertisement -

කඳුකර සිංහයෙකුගේ ප්‍රහාරයකින් තම පස් හැවිරිදි දරුවා බේරාගැනීමට කැලිෆෝනියාවේ මවක් සමත් වී තිබෙනවා.

මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ලොස් ඇන්ජලීස් නගරයට බටහිර දෙසින් සැන්ටා මොනිකා කඳුකරයේ කැලබසාස් හි පිහිටි ඔහුගේ නිවස අසල සෙල්ලම් කරමින් සිටියදී මෙම පිරිමි දරුවා වෙතට සිංහයා කඩා පැන ඇති බවයි.

සිංහයා විසින් දරුවා ඉදිරිපස තණකොළ මිදුල හරහා ඇදගෙන යාමට උත්සහ කළ නමුත් මව දුව ගොස් දරුවා අත හරිම තුරුම සිංහයා වෙත ඇගේ අත් දෙකෙන්ම පහර දී ඇතැයි පැවසෙනවා.

පසුව වනජීවි බලධාරීන් විසින් මෙම සත්වයා සොයා වෙඩි තබා ඝාතනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

දරුවාගේ හිසට සහ ශරීරයට තුවාල සිදුවී ඇති නමුත් දැන් ඔහු ලොස් ඇන්ජලීස්හි රෝහලක ස්ථාවර තත්ත්වයේ සිටින බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබුණා.

කැලිෆෝනියාවේ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු වන කැප්ටන් පැට්රික් ෆෝයි AP වෙත පවසා ඇත්තේ මව ඇගේ පුතාගේ ජීවිතය නියත වශයෙන්ම බේරා ගෙන ඇති බවයි.

උතුරු ඇමරිකාවේ කඳුකර සිංහයින් මිනිසුන් වෙත ප්‍රහාර එල්ල කරන්නේ ඉතාම කලාතුරකිනි.

RECENT ARTICLES - SINHALA

ඔමික්‍රෝන් ඉන්දියාවටත් කඩා වදියි

0
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි. එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක්...

චීනය මෙරට විදුලිය ව්‍යාපෘතියක් අත්හිටුවීමට තීරණය ක‍රයි

ඩෙල්ෆ්,නයනතිව්,අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ,...

බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...