33 C
Colombo
Thursday, April 18, 2024

තායිවානයට සහයදීම‍ට එක්සත් ජනපදය නව නීතියක් ගෙන එයි

- Advertisement -

තායිවානයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිරීක්ෂක තත්ත්වය ලබාගැනීමට උදව් කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නීති සම්පාදනය කර තිබේ.

චීනයේ පීඩනයට මුහුණ දෙන බැවින් තායිවානය නඟා සිටුවීමට මෙම නීති සම්පාදනය මගින් උත්සාහ කර ඇතැයි එරට වාර්තා කියයි.

පසුගිය අගෝස්තු මාසයේදී සෙනෙට් සභාවේදී සම්මත වූ මෙම පනත, පසුගිය බදාදා කොංග්‍රස් මණ්ඩලයේ දී 425 ට 0 ක් ලෙස සම්මත විය.

පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීම සදහා වන අත්සන යෙදීමට මේ වන විට එය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත යවා තිබේ.

මේ අතර චීන විශේෂඥයින් පැවසූයේ තායිවානයට ලෝක සෞඛ්‍ය සමුළුවේ නිරීක්ෂක තත්ත්වය යළි ලබා ගැනීමට උපකාර කිරීමේ නවතම එක්සත් ජනපද ප්‍රයත්නය, බෙදුම්වාදීන් විසින් පසුගිය වසර පහ තුළ සිදු කර බොහෝ දේශපාලන ප්‍රයෝග කිසිදු අර්ථවත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපොහොසත් වූ ආකාරයටම නිෂ්ඵල වනු ඇති බවයි.

තායිවානයේ ජනාධිපති ලෙස ටසායි ඉන් -වෙන් තේරී පත් වූ පසු චීන රජය WHO රැස්වීම්වලදී තායිවානයේ නියෝජනය අවහිර කරමින් සිටී.

2009 සිට 2016 දක්වා තායිවානයේ නියෝජිතයින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සම්බන්ධවන්නේ ඡන්සය නොදෙන නිරීක්ෂකයන් ලෙසිනි.

RECENT ARTICLES - SINHALA

දියේ ගිලී පාසල් සිසුවෙක් අතුරුදන්

කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ කාසල්රී වතු යායේ පදිංචිව සිටි පාසල්...

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18) ඇඹිලිපිටිය...

තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා

කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය ඊයේ (17) රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා. ඝාතනයට ලක්ව ඇති...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...