30.6 C
Colombo
Thursday, April 25, 2024

චීන සහ හොංකොං බලධාරීන් 24 දෙනෙකුට ඇමරිකාවෙන් සම්බාධක

- Advertisement -

චීන සහ හොංකොං බලධාරීන් 24 දෙනෙකුට එරෙහිව වීසා තහනම් ඇතුළු සම්බාධක පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය සීමා වන ආකරයට නීති පැනවීමට සම්බන්ධවීම මෙම පිරිසට සම්බාධක පැනවීමට මූලික හේතුව බව සදහන් වේ.

අදාළ සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ චීනය විසින් දිගින් දිගටම හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය සීමා කිරීමට කටයුතු කළහොත් මෙම සම්බාධක තවදුරටත් දැඩි කිරීමට සිදුවනු ඇති බවයි.

අදාළ සම්බාධක පැනවීම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ චීන රාජ්‍ය නියෝජිතයන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට පෙර සිදුවීම,විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා – රනිල්

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන- ශ්‍රී...

කටුනායක අධිවේගයේ පිවිසුමක් අසල මෝටර් රථයක් පෙරළිලා

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද (24) දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරළී ගොස් ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා. සිද්ධිය දුටු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...