කිසිදු රටක ලියාපදිංචි නොකළ මුහුදු යාත්‍රාවක තිබී රැසියාවේ සහ චීනයේ නිෂ්පාදිත අවිආයුධ තොගයක් සොයාගෙන තිබේ.
ඒ ඇමරිකානු නාවික හමුදාවේ පස්වන බලඝණයට අයත් යූඑස්එස් ම්‍රොන්ටි නෞකාව විසින් උතුරැ අරාබි මුහුදේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදීයි.
අත්අඩංගුවට ගත් අවිආයුධ අතර රැසියාවේ නිෂ්පාදිත යුද ටැංකි නාශක මිසයිල තොගයක් මෙන්ම චීනයේ නිෂ්පාදිත ටීපනස්හය ගිනිඅවි සහ මැෂින් තුවක්කු තොගයක්ද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම යාත්‍රාවේ සිටි පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරමින් ඇති අතර අවිආයුධවල හිමිකරැවන් සහ ප්‍රවාහන ගමනාන්තය මෙතෙක් හෙළිවී නැති බව එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.