27.2 C
Colombo
Saturday, June 21, 2025

අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට

- Advertisement -

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිරයන ළැව් ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පවතින තද සුළං හේතුවෙන් ගින්න තවත් වේගයෙන් පැතිර යන බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

මේ වනවිට ලොස් ඇන්ජලීස් අවට ළැව් ගිනි ගැනීම් පහක් සක්‍රිය තත්ත්වයේ පවතින බව වාර්තා වනවා.

පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් ලක්ෂ දෙකක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ලොස් ඇන්ජලීස් හි පැලිසේඩ්ස්, ඊටන්, කෙනත්, හර්ස්ට් සහ ලිඩියා ප්‍රදේශවල මෙම ළැව් ගිනි පැතිර යමින් පවතින අතර ඉන් යම් පමණක් පාලනය කර ඇත්තේ පැලිසේඩ්ස් ප්‍රදේශයේ පැතිර යන ගින්න පමණක් බව සඳහන්.

ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත පොලිස් නිලධාරී රොබට් ලූනා පවසන්නේ, දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශ රැසකට ළඟා වීම ආරක්ෂිත නොවනු ඇති බවයි.

මෙම ළැව් ගිනි හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව නියත වශයෙන්ම තවත් ඉහළ යනු ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ඊයේ (9) දිනයේ ලොස් ඇන්ජලීස් සහ වෙන්චුරා ප්‍රාන්තවල මායිමේ ඇති වූ නවතම ගින්න දැල්වීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් වාර්තා වාර්තා කරනවා.

පැලිසේඩ්ස් හි ගොඩනැගිලි 5,300කට වඩා විනාශ වී ඇති අතර, ඊටන් හි ගොඩනැගිලි 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

අතහැර දැමූ නිවාස කොල්ලකෑම සම්බන්ධයෙන් පොලීසිය පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මේ හේතුවෙන් ඇතැම් ප්‍රෙද්හ සඳහා ඇදිරිනීතිය ද පනවා තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා

මේ වනවිට මෙම ළැව් ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයන් 5000ක් පමණ යොදවා ඇති අතර, ගින්නෙන් අක්කර 35,000කට ආසන්න ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී අවසන්.

ගින්න පාලනය කරන කාර්ය මණ්ඩල, ජලය නොමැතිව අසීරුතාවට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES