25 C
Colombo
Sunday, December 10, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරලගෙන් ගාල්ලටත් වැක්සින් ටෝකන් ක්‍රමය

- Advertisement -

මේ වන විට බස්නාහිර පළාතෙන් පිට පළාත් සඳහා කොවිඩ් වැක්සීනය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීමත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ද කොවිඩ් වැක්සීනය එන්නත්කරණ වැඩසටහන ආරම්භවී තිබෙනවා.

කෙසේ වෙතත් ආන්දෝලනයට තුඩුදී තිබෙනව ටෝකන් ක්‍රමය ගාල්ල දිස්ත්‍රික්කයේද ක්‍රියාත්මක කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා සඳහන් කරන්නේ ටෝකන් පත් හා ඔන්ලයින් ලියාපදිංචිය සමග ඉතා විදිමත් හා සාධාරණ අයුරින් ගාල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සිදුකෙරෙමින් පවතින බවයි.

ඒ අනුව එන්නත්කරණයේ දෙවන දිනය වූ ඊයේ (28) දිනයේ අදාළ ටෝකන් පත් හා ඔන්ලයින් ලියාපදිංචියට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලදාරී වසම් 5 ක 8000 කර ආසන්න පිරිසක් එන්නත්කර අවසන් කළ බවයි ඔහු සඳහන් කරන්නේ.


RECENT ARTICLES - SINHALA

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

ආබාධිත පුද්ගලයන්ගේ රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

ආබාධිත පුද්ගලයන්ට සාමාන්‍ය රියදුරු බලපත්‍රය මෙම මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...