28 C
Colombo
Tuesday, May 17, 2022

එන්නත මුලින් ලැබෙන අය- ලලිත් වීරතුංග කියලා

- Advertisement -

කොළඹ නාගරික ජනතාව, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයන්, වැඩිහිටියන් සඳහා එන්නත මුලින්ම ලබාදෙන බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග අරුණ පුවත්පත වෙත කියා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් එන්නත ලබාදෙන ආසියානු කලාපයේ රටවල් දෙක අතරින් ශ්‍රී ලංකාව එක් රටක් බව ඔහු කියා ඇත.

කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා සය පුද්ගල ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කර 2021 වසරේ මාර්තුවේදී අවදානම් කණ්ඩායම්වලට එන්නත කඩිනමින් ලබාදෙන බව ඔහු කියා තිබේ.

කොවිඩ් එන්නත ලබාගැනීමට අදාල සම්බන්ධීකරණ කටයුතු ලලිත් වීරතුංග කරමින් සිටී. එන්නත් ලබාගැනීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප්‍රධානී වෛද්‍ය රාසියා පෙන්සෙ සමඟ දෙසැම්බර් 27 වැනිදා සාකච්ඡාවක් පවත්වා තිබුණි.

එංගලන්තයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඒකක මිලියන 300ක් පමණ ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සූදානම්ය. එම එන්නත ලංකාවට ගෙන්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සීයට 20ක් සඳහා එම එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වෙයි.

RECENT ARTICLES - SINHALA

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මැයි 09 වනදා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...