පෑලියගොඩ එළවළු මිල ඊයේ (13) වන විට අඩු වී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, කැරට් තොග කිලෝවක මිල රුපියල් 200ක් වන අතර, බෝංචි මිල රුපියල් 150 ක් වන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම, අමු මිරිස් කිලෝවක මිල රුපියල් 150 ක් ද ලීක්ස් කිලෝවක මිල රුපියල් 180 ක් ද වනවා.
තවත් එළවළු කිහිපයක කිලෝවක මිල ගණන් පහතින්,
මාළු මිරිස් රුපියල් 450
ගෝවා රුපියල් 200
තක්කාලි රුපියල් 150
කරවිල රුපියල් 200
රාබු රුපියල් 70
බණ්ඩක්කා රුපියල් 120
වට්ටක්කා රුපියල් 60