වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් ඊයේ (27) වන විට පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්, වට්ටක්කා ඇතුලු එළවළුවල මිල ගණන් මෙසේ අඩු වී ඇති තිබෙනවා.
ඒ අනුව, වෙළෙඳ පොලේ සිල්ලර මිල ලෙස කැරට් කිලෝවක මිල රුපියල් 280ක් වන අතර, බෝංචි කිලෝවක මිල රුපියල් 320ක් වන බවට සඳහන්.
එමෙන්ම, අමු මිරිස් කිලෝවක මිල රුපියල් 400 ක් ද ලීක්ස් කිලෝවක මිල රුපියල් 300 ක් ද වනවා.
තවද, ගෝවා රුපියල් 340ක්, තක්කාලි රුපියල් 200ක්, බණ්ඩක්කා රුපියල් 90ක්, වැටකොලු රුපියල් 240ක්, පතෝල රුපියල් 200ක්,වට්ටක්කා රුපියල් 60ක්, දෙහි රුපියල් 600 ක් ලෙස මෙසේ අලෙවි වී තිබෙනවා.
මේ අතර, කොළඹ මැනිං වෙළදපොලේ සිල්ලර මිල සටහන් වුණේ මෙලෙසින්,
බෝංචි කිලෝවක් රුපියල් 200ක්
කැරට් රුපියල් 150ක්
ගෝවා රුපියල් 220ක්
තක්කාලි රුපියල් 180ක්
වම්බටු රුපියල් 200ක්
වට්ටක්කා රුපියල් 60ක්
අමුමිරිස් රුපියල් 150ක්
දෙහි 350 ක්