33 C
Colombo
Thursday, March 28, 2024

වාසු අයවැය අගය කරයි

- Advertisement -

මෙවැනි අසීරු කාලයකින් පසුව විශාල අයවැය පරතරය තිබීම සාමාන්‍ය කරුණක් බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසනවා.

ඒ, අයවැය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරිම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුව අමතමින්.

මෙවැනි අසීරු කාලයකදී වියදම් සියල්ල අප දරාගත යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම, විපක්ෂයේ මතය ‘දෙපිටකාට්ටු’ බවත් ඔවුන් නගන චෝදනා සාධාරණ නොවන බවත් ඔහු අවධාරණය කරනවා. එමෙන්ම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මංගල අයවැයේ ඉතාමත් යහපත් යෝජනා ඇති බවයි වාසුදේව මහතා පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

නමුත් විපක්ෂයේ කථාව දෙපිටකාට්ටුයි. එක පැත්තකින් වියදම් කරන්නේ නෑ කියලා දොස් කියන ගමන් අනිත් පැත්තෙන් වියදම් කරාම කියනවා ඔන්න හිඟයක් තියෙනවා කියලා. හිඟයක් තියෙනවා තමයි. මේ හිඟය වළක්වාගන්න නම්, නැති කරගන්න නම් ඒ සඳහා තියෙන හොඳම මාර්ගය තමයි ආදායම වැඩිකර ගැනීම. නමුත් ආදායම් වැඩිකර ගැනීමෙත් සීමාවන් තියෙනවා. පොදු මහජනතාවගේ කර මතට වැඩි බරක් පටවන්නේ නැතිව මෙම ආදායම් මාර්ග වැඩිකර ගත යුතුයි.

ඉහළ ආදායම් ලබන කොම්පැනි වලින් වැඩි බදු මුදලක් ගන්නට මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙනවා. එය අධිභාරයක්. එම අධිභාරය වගේම 2.5% ක් පිරිවැටුපෙන් අයකර ගැනීමේ වැඩපිළිවෙලත් හඳුන්වා දී තිබෙනවා. වැඩිම ආදායම් ලබන සමාගම් වලින් එසේම සමාජ සංරක්ෂණ අරමුදලක් සෑදීමටද මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙනවා.

විශ්‍රාමික පාරිතෝෂිතයක් නැති වැඩිහිටි ජනතාව සඳහා ඔවුන් වෙනුවෙන් මේ සඳහාත් ඉහළ ආදායම් ලබන අයගෙන් බදු මුදලක් අයකර ගැනීමේ වැඩපිළිවෙලක් තිබෙනවා.

මේ කෙසේ වුවත් අපි මේ රටේ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය පිළිබඳවත් අවධානය යොමුකළ යුතුයි. එදිනෙදා අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල වැඩිවෙන්න, වැඩිවෙන්න පොදු මහජනතාව ගෙවන බදු මුදලක් වැඩියි. ඒ නිසා මේ රටේ දැනට ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය පොදු මහජනතාවට අවාසියක් කියලායි මගේ අදහස ඉහළ ව්‍යාපාරික ප්‍රජාවගෙන් 10% ක් අයකරන අතර පොදු මහජනතාවගෙන් 90% ක් අයකිරීමේ තත්ත්වයක් තමයි දැන් පවතින්නේ. මෙය වහාම සංශෝධනය විය යුතුයි. සෞභාග්‍යයේ දැක්මට අනුව මෙය 50% ක ප්‍රමාණයට සමානව බෙදිය යුතුයි. මෙය අපගේ පක්ෂයේ ස්ථාවරයයි.

ඉහළ ආදායම් ලබන අයගෙන් අයකරනු ලබන 25% බද්දෙන් පිරි වැටුපෙන් අයකරන 2.5% ක මුදලින් ලීසිං කොම්පැනි බැංකු දුරකථන ආයතන වල ආදායමෙන් අයකරන බද්දෙන් යම් ප්‍රමාණයකට මේ අනුපාතය වෙනස් කළ හැකියි. මේ අනුව ඉහළ ආදායම් ලබන අයගෙන් ලැබෙන බදු අනුපාතයේ කිසියම් ඉහළ යෑමක් සිදුවෙනවා. නමුත් 85%-15% තත්ත්වයෙන් අද දවසේ මෙම බදු ප්‍රතිශතය අඩුකර ගැනීමට අප උත්සාහ ගත යුතුයි. ඉහළ ආදායම් ලාභීන්ගෙන් දැනට ලැබෙන බදු ප්‍රතිශතය 10% සිට 15% දක්වා ඉහළ නැංවීමෙන් මේ තත්ත්වය කාලයකට හෝ සමනය කර ගත හැකියි.

මේ කොයි හැටි වෙතත් සෑම රජයේ වියදමකටම කර ගහන්න වෙන්නේ 85% ක් වන සාමාන්‍ය ජනතාවට අන්න ඒක අපි හොඳින් මතක තබා ගත යුතුයි.

එසේම මිල පාලනය ක්‍රියාත්මක නොවීමත් ප්‍රශ්ණයක් අවම වශයෙන් ප්‍රධාන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහාවත් මිල පාලනයක් අවශ්‍යයි. එසේ නොමැති නම් ස්ථිර වැටුපකින් ජීවත් වන අයට මේ තත්ත්වය දරාගන්න අපහසුයි. ඒ නිසා අප ඒ අය වෙනුවෙන් යම් දෙයක් කළ යුතුයි. ඒ අය සඳහා සහනයක් ලබාදිය යුතුයි.

වැටුප් විෂමතාවය නැති කිරීමට කටයුතු කරන බව කියා සිටියා, එය හොඳ දෙයක් නමුත් එය ක්‍රියාත්මක වන තුරු අතුරු දීමනාවක්වත් ලබාදිය යුතුයි. එසේම මුදල් අමාත්‍යතුමා අපගේ අපනයන සමාගම් වලට ස්තූතියක් කලා මේ අසීරු අවස්ථාවේ දී සිය අපනයනයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව. ඒ වාගේම මේ වසංගත තත්ත්වය හමුවේ මේ සඳහා දැඩි කැපවීමකින් ක්‍රියාකළ එම සමාගම් හී කම්කරු සේවක ප්‍රජාවටද අපගේ ගෞරවය හිමිවිය යුතුයි”

RECENT ARTICLES - SINHALA

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ...

ෆෝන් එකට එන කාර්ගිල්ස් පණිවුඩය ගැන නිවේදනයක්

උත්සව සමයේදී ත්‍යාග ලබා දෙන බව පවසමින් Cargills FoodCity ආයතනයේ වෙළඳ නාමය යොදාගෙන සිදු කෙරෙන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක් වශයෙන්...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...