24 C
Colombo
Tuesday, March 21, 2023

වාසු, ඩිව්, තිස්ස, අසංක, විමල් එක්ක.. දිනේෂ් පස්ස හරවයි..

- Advertisement -

පොදුජන පෙරමුණේ නායකත්වය හා ඊළඟ ජනපති අපේක්ෂකත්වය අරභයා වූ සටන දැන් එළිපිටම පුපුරා යමින් තිබේ.
එහි ප්‍රකාශකයා වූයේ ඇමැති විමල් වීරවංශය. ප්‍රහාරකයා බැසිල් රාජපක්ෂය.
බැසිල් විමල් ගැටුම වේගයෙන් තීව්‍ර වෙන්නේ දෙදෙනා වටා කඳවුරු දෙකක් නිර්මාණය කරමිනි.
බැසිල්ගේ මූල්‍ය බලයත් විමල්ගේ මතවාදී බලයත් කඳවුරු දෙකේ පදනම් වී තිබේ.
අද පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම ද මෙම ගැටුමේ උද්වේගකර අවස්ථාවක් වී ඇත. මීගමු උසාවියේ නඩුව නිසා විමල්ට ඊට සහභාගීවීමට ලැබුණේ නැත. උසාවියෙන් පිටතට පැමිණි විමල් කී කතාවෙන් නම් පෙනුණේ තවදුරටත් බැසිල් රාජපක්ෂ හමුවේ අඩු පඬු හකුලාගෙන සිටින්නට තමා සූදානම් නැති බවය.
දැන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් පාක්ෂිකයෝත් බලා සිටින්නේ දෙපැත්තේ සිටින්නේ කවුද කියාය. මේ අතරේ කඳවුරු දෙක ද සිය බලය වැඩිකරගැනීමට උපරිම ශක්තිය යොදා ඇති බව නිව්ස් 19ට වාර්තා වේ.
වාර්තා වන ආකාරයට දයාසිරි ජයසේකර ප්‍රමුඛ ශ්‍රීලනිපයත් අසංක නවරත්නගේ ශ්‍රී ලංකා මහජන පක්ෂයත් වෛද්‍ය ජී. වීරසිංහ ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂයත් වාසුදේව නානායක්කාරත් වෛද්‍ය තිස්ස විතාරණ ප්‍රමුඛ ලංකා සමසමාජ පක්ෂයත් උයද ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමයත් අතුරලියේ රතන හිමිත් විමල් වීරවංශට සහාය පළ කරන බව නිව්ස් 19ට වාර්තාවේ.
එසේම දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ආරම්භකයන් වන ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු ජාතිකවාදී සංවිධාන රැසක් ද විමල්ට සහාය පළ කරනු ඇතැයි කියැවේ.
මෙහි තවත් වැදගත් සාධකයක් වන්නේ යුතුකම සංවාද කවය නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංග ද විමල්ට සහාය පළ කිරීමය.
යුතුකමේ කඵතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් යනු දෙරණේ දිලිත් ජයවීරගේ නිර්මාණයකි. එනයින් ගත්කළ ගෙවිඳුගේ තෝරාගැනීම විසින් දෙරණේ තෝරාගැනීම ගැන ද යම් සංඥාවක් දෙනු ලබයි.
මෙම සටනේදී ප්‍රධාන ධාරාවේ යැයි කියන ජනමාධ්‍ය හිමිකරුවන්ගේ භූමිකාව කෙසේ වේදැයි කිව නොහැකි නමුත් දුමින්ද සිල්වා සාධකය නිසා හිරු නාලිකාවේ සහාය බොහෝවිට හිමිවනු ඇත්තේ ජනාධිපතිවරයාටය.
ජනමාධ්‍ය හිමිකරුවන් ජනාධිපතිවරයාගේ පැත්ත ගත්තත් ඊළඟ ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා කාගේ පැත්ත ගනීද කියාය.
වාර්තා වන ආකාරයට වෘත්තියෙන් දේශපාලනඥයකු නොවන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ සිටින්නේ ගත යුතු තීරණයක් ගැන නිශ්චිත අදහසක් නොමැතිවය.
ඔහුගේ තීන්දුව තීරණය වනු ඇත්තේ ජාතිකවාදී කඳවුරත් බැසිල් ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ කඳවුරත් එල්ල කරන පීඩනයේ තරම ප්‍රමාණය අනුවය.
විමල්ලාගේ වමේ කල්ලියෙන් දිනේෂ් හැලී ඇති බව දැන් වාර්තා වේ. දිනේෂ් ගුණවර්ධන යනු දැන් තටු කැපූ ඇමතිවරයෙකි. ඔහුගේ විෂය යටතේ තිබුණු ආයතන ගලවා බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට පැවරීමට ජනාධිපතිවරයා කටයුතු කර වැඩි ඈතක් නැත.
එහෙත් ඔහුට අහක බලන්නට බැරිව තිබෙන්නේ තම පුත්‍රයා නිසාය. තමාගේ දේශපාලන ගමන අවසන් වුවත් තම පුතුගේ දේශපාලන ගමන ගැන ඔහු සිතයි. විමල් ගම්මන්පිල වැනි ජනකාන්ත ජාතිකවාදී දේශපාලකයන් සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් මැති සබයට එන්නට තම පුත්‍රයාට හැකියාවක් නැති බව දිනේෂ් තම මිතුරන් සමග පවසා තිබෙන්නේ ඒ නිසා විය යුතුය. අනෙක් අතට බැසිල් විරෝධී සටනේදී දෙකට වැනුණු දිනේෂ් ගැන විමල්ලාට ද පැහැදීමක් නැත.
විමල්ගේ කඳවුරට මහජන පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය විසිවීමට බලපෑවේ ප්‍රතිපත්තිමය කරුණුම පමණක් නොවේ.
කුරුණෑගලින් පැමිණි අසංක නවරත්නට හෝ මාතරින් පැමිණි වීරසුමන වීරසිංහට ඇමැතිකම් ලැබුණේ නැත. රතන හිමියන්ට වුණත් දැන් පෙර සැලකිලි නැත. එනිසා මේ සියලු හවුල්කරුවන් එක පොදියට සිටින්නේ කලකිරිලාය.
පක්ෂය ඇතුලෙන්ම පැමිණි ඩලස් අලහප්පෙරුමලාටත් පල නොකියා පලා බෙදුවා නම් බැසිල් සෙවණේ සිය අනාගතය ගැන සිතා ගත හැකි බව ඔවුන්ට පැහැදිලිය.
අනෙක් අතට බැසිල් රාජපක්ෂට වුවමනා කරන්නේ ද මේ ඉතුරු බිතුරු එක පොදියට තබා බැඳ පොහොට්ටුව පුබුදුවන්නටය. පක්ෂ ලේකම් සාගර කාරියවසම් ලවා විමල්ට ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි බැසිල් කියවන්නේ ඒ නිසාය. නිමල් ලන්සා දම්මලා ගැලරිය චූන් කරන්න ඕනෑ නම් එලියට යන්නැයි කණට ගසන්නේ ද ඒ නිසාය.
එස්.එම් චන්ද්‍රසේන විමල්ට තරවටු කළේ “මහින්ද සුළඟ කියන්නේ ජනතාවගේ ව්‍යාපෘතියක්. ඒක කාටවත් විකුණන් කන්න බෑ” කියලාය.
මේ සියල්ල දෙස බලා සිටිමින් හොඳම කතාව කීවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩය.
“අපි දැන් ගන්න ඕනේ කාගේ පැත්තද? විමල්ගේද බැසිල්ගේද? මේ කරන්න හදන්නේ සියලු ප්‍රතිවිරෝධතා ගොනු කරගෙන යන පාලනයක් නිර්මාණය කරන්න. ඒ නිසා අපි විමල්ට කියන්නේ මෙච්චරයි. ජාතික සම්පත්, පරිසරය ආරක්ෂා කිරීම වගේ ගොඩක් දේවල් ගැන ඔයා ඡන්දයට කලින් කිව්වනේ. කියපු දේවල් කරන්න බැරි නම් එලියට එන්න”
ජනතාව බලා සිටින්නේ විමල් එලියට එයිද කියලාය.


– විමල් වීරරත්න –

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.