24 C
Colombo
Sunday, November 3, 2024

එළවළු සහ මාළු මිල ගණන් පහළට

- Advertisement -

මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා.

වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල තුළ එළවළු මිල පහත බැස ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව පෑලියගොඩ මැණින් වෙළඳපොලේ තොග මිල ගණන් අනුව කැරට් සහ ගෝවා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 60 ත්  100 ත් අතර,  බීට්රූට් සහ නෝකෝල් රුපියල් 60 ත් 90 ත් අතර වට්ටක්කා රුපියල් 70 ත් 90 ත් අතර පිපිඤ්ඤා රුපියල් 60 ත් 80 ත් අතර ලීක්ස් සහ වම්බටු රුපියල් 100 ත් 150 අතර මිලකට අලෙවි වනවා.

නෝකෝල් රුපියල්  60 ත් 90 අතර බණ්ඩක්කාර රුපියල් 80 ත්120 ත් අතර තක්කාලි රුපියල් 180 ත් 220 ත් අතර  කරවිල රුපියල් 180 ත් 250 ත් අතර පතෝල 160 ත් 200 ත් අතර අමුමිරිස් 150 ත්  220 ත් අතර දෙහි රුපියල් 400 ත් 500 ත් අතර මිලක සටහන් වුණා.

එමෙන්ම ආනයනික අර්ථාපල් රුපියල් 145 ත් -170 අතර ලංකා අල රුපියල් 200 ත් 230 ත් අතර ආනයනික ලොකුළෑණු රුපියල් 180 ත් 260 ත් අතර ලංකා ලොකුළුණු 230ත්260 ත් අතර මිලකටයි අලෙවි වන බවද  වෙළඳපොල වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර, මාලු මිලද පහළ ගොස් ඇති බව හලාවත මත්ස්‍ය වෙළඳපොලේ වෙළදුන් පවසනවා.

බලයා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 650කට ද කුම්බලා රුපියල් 350ට, පරව් කිලෝවක් රුපියල් 400ට අලෙවි වන අතර සාලයා කිලෝවක් රුපියල් 200ට අලෙවි වනවා.

RECENT ARTICLES - SINHALA

කළුතරදී මනුෂ්‍ය ඝාතනයක්

කළුතර, සේරුපිට ප්‍රදේශයේ ගුවන් පාලම යට දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (02) රාත්‍රියේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති...

ප්‍රමිතියෙන් තොර කෑම පෙට්ටි සහ වතුර බෝතල්

පාසල් දරුවන් භාවිතයට ගන්නා ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය බොහොමයක් ප්‍රමිතියෙන් තොර ඒවා බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. එම සංගමයේ...

අස්වැසුමෙන් අසාධාරණයට ලක්වු පිරිස ගැන හොයන්න කමිටුවක්

අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...