වාහන ආනයනයේදී බලපා ඇති සියලුම අංශවලට අදාළ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ජූලි මස මුල් සතියේ දී අදාළ කමිටුව රැස්වී ඇති අතර අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
අනතුරුව වාහන ආනයනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් යම් ආරම්භයක් ලබාදීමට සූදානමක් පවතින බවද ඔහු පැවසුවා.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
පසුගිය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ජනාධිපතිවරයා ගත් සාධනීය පියවර පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දැක්වීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා ඕනෑම අවස්ථාවක සූදානම් බව ද කිවයුතුයි.එසේම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සිදු කෙරුණා. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 7%ක සහන පොලියක් යටතේ මෙම ණය ලබාදීම සිදුවන අතර ඒ සඳහා රුපියල් බිලියන 50ක් වෙන් කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව කිවයුතුයි.මේ යටතේ ඔවුන්ට රුපියල් මිලියන 10ක උපරිමයකට යටත්ව ණයක් ලබා ගත හැකියි. ඒ වගේම කුඩා තේවතු සංවර්ධනය සඳහා රුපියල් බිලියන 06ක් ලබාදෙනවා. කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් බිලියන 02ක් ලබාදීම සිදු කෙරෙනවා.එමෙන්ම ණය සුරුකුම් ආයතනයක අවශ්‍යතාවක් පවතිනවා. මෙම ණය මුදල හරහා ණය සුරකුම් ආයතනයක් ඉදිරි ඔක්තොම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි. තමන්ට ඇපයක් තබාගැනීමට නොහැකි වූ අවස්ථාවක මෙම ආයතනයේ උදව් උපකාර ඇතිව කටයුතු කිරීමේ හැකියාව පවතිනවා.