31 C
Colombo
Friday, April 19, 2024

වාහන ආනයනය ගැන අලුත්ම තීරණය

- Advertisement -

නැවත වාහන ආනයනය කිරීම සඳහා අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංගමයේ සභාපති ශාන්ත ගමගේ පැවසුවේ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සමග මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණු බවයි.

එහිදී තම සංගමය නැවත වාහන ආනයනය කිරීම පිළිබඳව ඉල්ලීමක් කළද ඒ සඳහා සාධනීය පිළිතුරක් නොලැබුණ බව ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මේ වනවිට මෙරට සිදුවන භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළට සහනයක් ලැබෙන පරිදි ණය පොලී අනුපාත පහළ දැමීම සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමුකරන බවට මහ බැංකු අධිපතිවරයා එම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

එලෙස පොලී අනුපාත අඩුවීමක් සිදුවුවහොත් භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළ ආරක්ෂා වනු ඇති බව වාහන ආනයනකරුවන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් දරුවන් වෙනුවෙන් සබලකෘත සහල් බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ...

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...