32 C
Colombo
Friday, March 29, 2024

බූස්ටර් මාත්‍රාව ලබාගත්තේ බොහොම සුළු පිරිසයි

- Advertisement -

තුන් වන මාත්‍රාව ලබා ගෙන තිබෙන්නේ බොහොම සුළු පිරිසක් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව, කුමන හෝ එන්නතක් ලබාගෙන මාස තුනකට පසුව තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කිසිඳු එන්නතක් ලබා නොගත් අයගෙන් රෝගය පැතිරීමට ඉඩකඩක් ඇත්තා සේම, සංකූලතා ඇති අය මරණයට පත් වීමේ ප්‍රවණතාවක් පවතින බවත් නැවත ‍රෝගින් වැඩි වීමට ඉඩ නොදී කටයුතු කිරීමට ජනතාව වග බලා ගත යුතු බවත් ඔහු පවසනවා.

ස්පුට්නික් එන්නත ලබා ගත් බොහෝ අය දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙන බවත්, දෙවන මාත්‍රාව ලබා නොගත් අයට පුද්ගල අවශ්‍යතාවය මත එන්නත් ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පවසා සිටිනවා.

පාසල් දරුවන්ට එන්නත් ලබා දීමේදී දෙමව්පියන්ටත් ලබා ගැනීමට හැකියාව පවතින අතර, පාසල තුළ පිටස්තර පුද්ගලයින් ඒකරාශී වීමට නොහැකි නිසා පාසලට සම්බන්ධ අයට මෙහිදී එන්නත් ලබා ගැනීමට හැකි බවයි වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

“ලෝකයේ බොහෝ ප්‍රභේද පැතිරිලා ටික කලක් ගියාට පසුව අපේ රටේ පැතුරුණ බවත්, ඒ නිසා ඉදිරියේදී ඕනෑම පුද්ගලයෙකුට මෙම රෝගය වැළඳුණු කෙනෙක් වීමේ හැකියාව පවතින බවත්, මේ හේතුවෙන් පුද්ගල සම්බන්ධතා වලදී ප්‍රවේසම් වීම වැදගත් වනව්වා” යැයි ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...