30 C
Colombo
Wednesday, June 25, 2025

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා දිවියෙන් සමුගනී

- Advertisement -

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 89 වෙනි වියෙහි පසු වුණා.

1965 වසරේ නිෂ්පාදනය කරන ලද ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේදී රජත මයුර සම්මානය දිනාගත් සුගතපාල සෙනරත් යාපා ‘හන්තානේ කතාව‘, ‘පෙම්බර මධු’, ‘ඉන්දුට මල් මිටක්’ ආදී චිත්‍රපට රැසක් දේශීය සිනමාවට දායාද කළා.

එමෙන්ම,  ‘පස්වැන්න’, ‘ගරුඩගල’, ‘උඩවැඩියා මල් දෙකක්’, ‘අනාගතය උපන් දවස’, ‘ඉසුරු සයුර’, ‘දළදා සිරිත’, ‘ආචාර්ය කොල්වින්’, ‘රන්දිය දහර’, ‘අපට හෙටක් ඇත’ සහ ‘පියා සහ දරුවෝ’ වැනි වාර්තා චිත්‍රපට රැසක්ද ඔහු විසින් නිර්මාණය වුණා.

සිනමාවට කලාකරුවන් රැසක් හඳුන්වා දෙමින් විශ්වවිද්‍යාල සිනමා පාඨමාලාවල බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ සුගතපාල සෙනරත් යාපා මහතා කලක් ජාතික රූපවාහිනියෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙලා

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ...

රනිල්ගේ විදෙස් සංචාර ගැන CIDයෙන් විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී සිදු කළ විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24)...

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.  ඔවුන්ගේ යතුරුපැදිද...

POPULAR ARTICLES