31 C
Colombo
Friday, April 19, 2024

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන ජීවන ගමනට සමු දෙයි

- Advertisement -

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා ඊයේ (08) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් තිබෙනවා.

මියයන විට නුවන් ගුණවර්ධන මහතාගේ වයස අවුරුදු 73කි.

පා වී ගියාවේ ලදේ මා ඔබේ, කඳුළින්ම ගැයූ, ළා සඳ එළියේ, කිරි මුදු වෙරළේ වැනි ගීත රැසක් ඔහු විසින් මෙරට සිංහල ගීත කලාවට තිලිණ කළ අයෙක් ලෙසයි සැලකෙන්නේ.

ඊට අමතරව මෙරට සිනමාවේ වැඩිම පසුබිම් ගීත ගායනා කළ ශිල්පීන් අතරද ඒ මහතා ඉදිරියෙන් පසු වනවා.

උත්තර භාරතීය ගීත ලාංකික රසිකයාගේ රසවින්දනය වෙනුවෙන් ඒ සමාන අයුරින් ගායනා කළ සංගීතවේදියෙක් ලෙසද ඔහු හැඳින්වෙනවා.

නුවන් ගුණවර්ධන මහතාගේ මහරගම – නාලන්දාරාම පාරේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු ලබන සඳුදා දිනයේ දී සිදු කිරීමට තීරණය කර ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...