30.9 C
Colombo
Thursday, April 25, 2024

Viber විසින් Group Chat පණිවිඩ නැතිවීයන විශේෂාංගය හඳුන්වා දෙයි

- Advertisement -

Viber හි මෙම විශේෂාංගය මඟින් පණිවිඩ නැතිවීයන අවස්ථා තත්පර 10 සිට එක් දිනයක් දක්වා කාලය තුළ වෙනස් කළ හැකි සේම, Group Chat තුළ එම කාර්යය පහසුවෙන් සක්‍රීය කිරීමේ හැකියාව ලබා දේ. පණිවිඩ නැතිවීයාමේ විකල්පය භාවිතා වන විට යෙදුම යොමු කිරීම, පිටපත් කිරීම හෝ තිරයේ පිටපත් රූපයක් ලබා ගැනීම අක්‍රීය කරවයි.


මෑතකදී ලොව පුරා Google Play බාගත කිරීම් බිලියනයක් ඉක්මවා යමින් පණිවිඩ යැවීමේ සහා හඬ පට (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber සිය Viber යෙදුම තුළින් Group Chat හි කතා බහ පණිවිඩ නැතිවීයාමේ විකල්ප අවස්ථාවන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත කරන බවට නිවේදනය කරයි. මෙම විශේෂාංග පහසුකම මීට පෙර තිබුනේ එකක් මත එකක් වූ කතා බහ සඳහා පමණි.

කණ්ඩායම් කතාබහක දී නැතිවීයන පණිවිඩ සැකසීමේදී, කණ්ඩායමේ පණිවිඩ තත්ත්වය වෙනස් කිරීම සඳහා පරිශීලකයින්ට බහු විධ ක්‍රියාවලියක් හරහා ඊට අවතීර්ණ වීමට අවශ්‍ය නැත. Viber හි මෙම විශේෂාංගය සමඟින්, සාමාජිකයින්ට කතාබහ තුළදීම විශේෂාංගය ක්‍රියාත්මක කිරීමට සහ අක්‍රිය කිරීමට පහසුවෙන් හැකියාව ලැබෙනු ඇත.


පුළුල් වූ ක්‍රියාකාරීත්වයත් සමඟ, වෙනත් යෙදුම් වල නැතිවීයන පණිවිඩ විශේෂාංග වලට වඩා වැඩි විකල්ප අවස්ථාවන් ලබා දෙමින් කියවීමෙන් පසු තත්පර 10 කින්, විනාඩියකින්, පැයකින් හෝ එක් දිනයකින් පණිවිඩ නැතිවීයන පරිදි කණ්ඩායම් කතා බහ තුළ පණිවිඩ සැකසීමට Viber පරිශීලකයන්ට හැකිවේ. Android 6 හෝ නව උපාංග වල, පණිවිඩ නැතිවීයන විකල්ප අවස්ථාව සක්‍රිය වූ විට පණිවිඩයක් යැවීම, පිටපත් කිරීම හෝ තිරයේ පිටපත් රූපයක් ලබා ගැනීම Viber විසින් සම්පූර්ණයෙන්ම අක්‍රීය කරයි. Android හි පෙර සංස්කරණ සහ සියලුම iOS භාවිතා කරන්නන් අතර කිසියම් කණ්ඩායම් සාමාජිකයෙකු විසින් නැතිවීමට නියමිත පණිවිඩයක තිරයේ පිටපත් රූපයක් ලබා ගතහොත්, කණ්ඩායම් සාමාජිකයින්ට ස්වයංක්‍රීයව එය දැනුම් දෙනු ඇත. ඡායාරූප සහ ස්ටිකර් ඇතුළු ඕනෑම ආකාරයක පණිවිඩයකට මෙම විශේෂාංගය යෙදිය හැකිය.

උදාහරණයක් වශයෙන්, නිවසේ පැවැත්වෙන සාදයකට යම් පිරිසකට ආරාධනා කර ඇත්නම්, ඔවුන් හට නිවසේ ගේට්ටුවෙන් ඇතුල්වීම සඳහා වන රහස් අංකය පණිවිඩයක් ලෙස කියවා විනාඩියකට පසු නැතිවීයන පරිදි පරිශීලකයින්ගේ කණ්ඩායම් කතා බහ වෙත යැවිය හැකිය.  

Viber හි පුද්ගලික සහ කණ්ඩායම් කතා අන්තයේ සිට අවසානය දක්වා සංකේතනය කර ඇත. එම නිසා පරිශීලකයන්ගේ සන්නිවේදනයන් සැම විටම පුද්ගලික හා ආරක්‍ෂිත බවට සහතික විය හැකිය. පණිවිඩ නැතිවීයන මෙම විශේෂාංගය පරිශීලකයින්ට පුද්ගලයින් හෝ කණ්ඩායම් සමඟ ඔවුන්ගේ සංවාද වල පුද්ගලිකත්වය පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි ආරක්ෂිත පණිවිඩකරණ යෙදුමක් ලබා දීමට හැකිවීම ඔවුන් වෙනුවෙන් Viber හි කැපවීම පෙන්නුම් කෙරෙන තවත් එක් උදාහරණයක් වේ.


Rakuten Viber හි උප සභාපති නදව් මෙල්නික් පවසන්නේ Viber භාවිතා කරනු ලබන පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පෞද්ගලික පණිවිඩ යැවීමේදී ඒ පිළිබඳව අවසන් පාලනයක් ලබා දීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවය. ”පුද්ගලිකත්වය පිළිබඳව අප බොහෝ කාලයක සිට මහත් සැලකිල්ලක් දක්වනු ලබන කරුණක් වන අතර, අන්තයේ සිට අවසානය දක්වා සංකේතනය කිරීම සඳහා අපි නොසැලෙමින් ක්‍රියාත්මක වූ බවට සාක්ෂි දරනවා. මෙම යාවත්කාලීන කිරීමත් සමඟම, පුද්ගලිකත්වය සඳහා වූ අපගේ කැපවීම අපගේ පරිශීලකයින්ට සහ ඔවුන් වැඩිපුරම කතා කරන පුද්ගලයින් වෙනුවෙන් වඩාත් පුද්ගලික වේ. “

Rakuten Viber  පිළිබඳව :

Rakuten Viber හි අරමුණ වන්නේ, මිනිසුන් එකිනෙකට සම්බන්ධ කිරීම හරහා පුද්ගල සබඳතා වර්ධනය කිරීමය.  ලොව කොහේ සිට හෝ ඕනෑම පුද්ගලයකුට මෙම සන්නිවේදන තාක්ෂණික සේවාව අත්විඳිය හැක. ලොව පුරා Google Play බිලියනයකට අධික ප්‍රමාණයක් බාගත කිරීම් සමඟින්, Viber සිය පරිශීලකයින්ට එකින් එක කෙටි පණිවිඩ, වීඩියෝ ඇමතුම්, විවිධ කණ්ඩායම් හා පණිවිඩ යැවීම සහ ඔවුන්ගේ ප්‍රියතම වෙළඳ නාම සහ කීර්තිමත් පුද්ගලයින් සමඟ සහ සම්බන්ද වීම සහ සාකච්ඡා වැනි විශේෂ අවස්ථා රැසකට මේ හරහා එක්වීමට අවස්ථාව සලසා දෙයි. අපගේ පරිශීලකයින්ට ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට ආරක්ෂිත සහ නිදහස් පරිසරයක් ඇති බව අපි සහතික කරමු. Rakuten Viber යනු විද්‍යුත්- වාණිජ්‍යය (E – Commerce) හා මූල්‍ය සේවා පිළිබඳ ලෝකයේ ප්‍රමුඛයා වන Rakuten In Corporate හි කොටසකි. එය බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරුද වන Viber සමාගම සුප්‍රකට Golden State Worriers නමැති ඇමරිකානු පැසිපන්දු කණ්ඩායමේ Calling App හවුල්කරුද වේ.

RECENT ARTICLES - SINHALA

අමරවීරගෙන් මිලියන 1000ක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත...

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම...

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...