28 C
Colombo
Wednesday, April 17, 2024

Viber පියවරයන් දෙකක Verification ලබා දෙයි

- Advertisement -

පෞද්ගලික සහ ආරක්‍ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදන ක්‍රියාවලියේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber, එහි නවතම විශේෂාංගය වන පියවර දෙකක් සහිත වූ Verification විශේෂාංගය, පරිශීලකයින්ට පින් අංකයක් (pin code) සහ විද්‍යුත් තැපෑල භාවිතා කරමින් ඔවුන්ගේ ගිණුම් Verification කිරීමට හැකි වන පරිදි අමතර ආරක්‍ෂිත පියවරක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

ආරක්ෂිතභාවය හා පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ප්‍රමුඛ වූ සන්නිවේදන වේදිකාවක් සපයා දීම වෙනුවෙන් Viber හි කැපවීම, මෙවැනි නව විශේෂාංග අඛණ්ඩව හඳුන්වාදීම මඟින් මනාවට පිළිබිඹු වනු ඇත. Viber හරහා පණිවිඩ යැවීම දැනටමත් එක් අන්තයක සිට තවත් අන්තයකට සංකේතනය කර ඇති අතර, තෙවන පාර්ශවයක් සඳහා එහි දත්ත වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඉවත් කර ඇත. එමෙන්ම පණිවිඩ අතුරුදහන් කරවීමේ විශේෂාංගය තුළින් පරිශීලකයින්ට ඔවුන්ගේ පණිවිඩ බලන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අමතර සැකයක් බියක් ඇති නොවන බවට සහතික කර තිබේ.

පියවරයන් දෙකක් සහිත Verification විශේෂාංගය සක්‍රීය කිරීම සඳහා පරිශීලකයින් ඉලක්කම් හයේ PIN අංකයක් මඟින් ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය verify කර ගත යුතුව ඇත. ජංගම දුරකතනයක් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් තුළින් Viber වෙත පිවිසීම සඳහා පරිශීලකයාට ඔවුන්ගේ තනි PIN අංකය ලබා දීමෙන් ගිණුම තහවුරු කිරීමට අවශ්‍යවේ. අංකය අමතක වී හෝ නැති වූ අවස්ථාවක, ගිණුමට ප්‍රවේශ වීමේ ක්‍රමවේදය නැවත පෙර තිබූ අවස්ථාවට පත් කිරීම සඳහා තහවුරු කරනු ලැබූ ඊමේල් ලිපිනය භාවිත කළ හැකිය.

අමතර PIN අංකයක් නිර්මාණය කිරීම තුළින් ඩෙස්ක්ටොප් පරිගණකයක Viber භාවිතයෙන් ගිණුම අක්‍රිය කිරීමේ හැකියාව ද නැති කරයි. ඩෙස්ක්ටොප් පරිගණකයක හරහා Viber ගිණුමක් අක්‍රිය කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට PIN අංකය භාවිතා කිරීමට අවශ්‍ය වනු ඇත.

Viber හි නව විශේෂාංගය තුළින් පරිශීලකයින්ට තම ගිණුම්වල පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා අමතර ආරක්‍ෂිත ක්‍රම ක්‍රියාත්මක කිරීමට සහය ලබා දෙනු ඇත. පියවර දෙකක් සහිත වූ තහවුරු කිරීම මඟින් පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ spam යැවීමට උත්සාහ කරන හැකර්වරුන්ගෙන් ගිණුම ආරක්ෂා කරයි. එපමනක් නොව, වේදිකාව තුළ තහවුරු නොකරන ලද ගිණුම් සංඛ්‍යාව අඩු කිරීම තුළින් වේදිකාවේ ඇති spam වන පණිවිඩ සංඛ්‍යාව අඩු කිරීමට ක්‍රියා කිරීම පමණක් නොව, පරිශීලකයින්ට තම ආදරණීයයන් සමඟ සන්නිවේදන කටයුතු වඩාත් කාර්යක්ෂම පවත්වා ගෙන යාමට ස්ථාවර භාවිතයක් නිර්මාණය කරනු ඇත. අනාගත සැලසුම්වලදී, Viber ජෛවමිතික තහවුරු කිරීම් එක් කිරීමට කටයුතු කරනු ඇත.

සෑම දෙයකටම වඩා Viber භාවිතා කරන්නන්ගේ පෞද්ගලිකත්වය කෙරෙහි අප ප්‍රමුඛත්වය ලබා දිය යුතු වේ. අපි ආරක්ෂිත ලෙස එක් අන්තයක සිට අවසානය දක්වාම  සංකේතනය කරනු ලැබූ පණිවිඩ යෙදුමක් සැපයීමට කැපවී සිටින අතර, මෙම නව විශේෂාංගය එහි තවත් ඉදිරියට ගිය පියවරක් බව  Rakuten Viber හි ප්‍රධාන තොරතුරු නිලධාරී අමිර් ඉෂ්-ශලෝම් පවසයි. ”පියවර දෙකක Verification කිරීම මගින් අපගේ පරිශීලකයින්ගේ ආරක්ෂිතභාවය   තහවුරු කොට පාරිභෝගිකයින්ට හා ව්‍යාපාරවලට ද Viber වේදිකාව තුළ ආරක්‍ෂිතව සිටීමට නවතම තාක්‍ෂණය සපයන බවට සහතික කර තිබේ.”

නව විශේෂාංගය සියලුම Viber පරිශීලකයන් සඳහා ඉදිරියේදී ගෝලීය වශයෙන් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සුසිල් චිකාගෝ ගිහින්

ඇමරිකාවේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ...

කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආහාර...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...