33 C
Colombo
Thursday, March 28, 2024

විවෘත විශ්වවිද්‍යාල උපකුලපති ධුරය – ජනපති සුදුස්සන් කපා දමයි !

- Advertisement -

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නව උප කුලපති ධුරය සඳහා සුදුසුකම්ලත් ආචාර්‍යවරුන් පත්කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කර තිබේ.

මේ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විශ්වවිද්‍යාල පරිපාලනය වෙත දැනුම් දී තිබේ.

නව උප කුලපතිවරයෙකු පත්කිරීම පිළිබදව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නිකුත් කරන ලද උපදෙස් අනුව තෝරාගත් තිදෙනෙකුගේ නම් මෙසේ ජනාධිපතිවරයා වෙත යවා තිබිණි.

මහාචාර්ය අජිත් දොළගේ, මහාචාර්ය ශිරෝණිකා කරුණානායක සහ මහාචාර්ය ලාල් තිලකරත්න එසේ තෝරාගත් ආචාර්යවරු වෙති. මේ ධුරය සඳහා 5 දෙනෙකු අයැදුම්පත් යොමුකර තිබූ බවත්, ඒ අතරින් තිදෙනෙකු තෝරාගැනුණු බවත් විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ආචාර්යවරු සඳහන් කරති.

විශ්වවිද්‍යාලය මගින් අදාළ නම් නිර්දේශ කොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යැවීමෙන් පසු, ජනාධිපතිවරයා වෙත අදාළ නම් ඉදිරිපත් කිරීම සිදුවේ.

උප කුලපතිවරයා පත්කිරීමේ අවසාන බලය ඇත්තේ ජනාධිපතිවරයාටය.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ බාහිර පුද්ගලයෙකු මේ තනතුරට පත්කිරීමේ සූදානමක් ඇති බවත්, එම නිසා මෙසේ සුදුසුකම්ලත් තිදෙනාම ප්‍රතික්ෂේප කර ඇති බවත්ය.

RECENT ARTICLES - SINHALA

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...