28.4 C
Colombo
Thursday, April 25, 2024

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පහරකෑ පුද්ගලයා ශ්‍රේෂ්ඨාධිකරණයට

- Advertisement -

පසුගියදා කිරිඇල්ල ප්‍රදේශයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක්වූ බව පැවසෙන වින්දිතයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

අදාළ පෙත්සම ගොනුකරමින් රාජගිරියේ පදිංචි මිෂාර රණසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ දණ්ඩ නීති සංග්‍රහය සහ වධහිංසා පනත යටතේ නීතිවිරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙසයි.

එමෙන්ම පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වගඋත්තරකරුවන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස නිලතල දැරීමට නුසුදුසු බවට ප්‍රකාශ කරන ලෙසයි.

රත්නපුරයේ සිට පානදුර දෙසට ගමන් කරමින් සිටියදී 2021 ඔක්තෝම්බර් 25 වැනි දින පස්වරු 2 ට පමණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් තමාට දරුණු ලෙස පහරදී, ශාරීරික හා ලිංගික වධහිංසා පමුණුවා හිරිහැර කළ බව පෙත්සම්කරු අධිකරණයට දැනුම්දී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කිරිඇල්ල වැඩබලන ස්ථානාධිපති දිසානායක, අයගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඉන්දික මිලාන්, පොලිස් ප්‍රධානී චන්දන වික්‍රමරත්න, නීතිපති සහ තවත් කිහිප දෙනෙක් පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිවිල් වැසියෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක් මත ඔහුව වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...