පැසිෆික් සාගරයේ ඇතිවූ ප්‍රබල කුණාටුවක් හේතුවෙන් කැලිෆෝනියා වෙරළ තීරයට අඩි 20ක පමණ උස රළ පහරක් කඩාවැදී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, එහිදී 20ට අධික පිරිසක් රළ පහරට ගසාගෙන ගොස් ඇති අතර, අට දෙනෙකු බේරාගෙන රෝහල් ගතකර තිබූ බවයි.
ඉදිරි දින කිහිපයේදීද අඩි 15 සිට 20 දක්වා උස් රළ පහර ඇතිවීමේ අවදානම හේතුවෙන් වෙන්චුරා වෙරළ තීරයේ නව වසර වෙනුවෙන් සැලසුම් කර තිබූ සියලුම උත්සව නවතා දමා ඇති බව සඳහන් වනවා.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සහ අයිස් තට්ටු දියවීයෑමෙන් වසර ගණනක සිට කැලිෆෝනියාවේ මුහුදු මට්ටම ඉහළ යමින් පවතින බවද විද්‍යාඥයන් පෙන්වා දෙනවා.