Voicetube යූටියුබ් නාලිකාවේ කතුවරිය වන තුෂාරා සෙව්වන්දි විතානගේ මහත්මියව අද (09) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා තිබෙනවා.
ඒ කොවිඩ් 19 මර්දන සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස එලිදැක්වීම චීන සමාගමක් ගත් උත්සාහය
සම්බන්ධයෙන් ‘සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ’ ජාතික සංවිධායක අසේල සම්පත් සිදුකළ ප්‍රකාශයක් voicetube නාලිකාව ඔස්සේ විකාශනය කිරීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහායි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් පැමිණිලි කර තිබෙනවා.
මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙම වැක්සින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ මූලික තාක්ෂණික කටයුතු සති කිහිපයකින් අවසන් කිරීමට අපේක්ෂා කලද ඒ සම්බන්ධයෙන් එම චීන සමගම ඉදිරිපත්කර තිබු කොන්දේසි හා ඉහල මිල ගණන් එම එන්නතේ ගුණාත්මක බව අවමවීම සැලකිල්ලට ගනිමින් එකී නිෂ්පාදන කටයුතු සඳහා අනුමැතිය නොදීමට බලධාරීන් නියෝගකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එසේ, ශ්‍රී ලංකාවට විකිණීමට නියමිත සිනොවැක් එන්නතක මිල හෙළිදරව් කළහොත් ගිවිසුම අවලංගු කරන බව එන්නත නිපදවන චීන සමාගම දන්වා තිබෙනවා.
චීනයේ Sinovac Lifesciences Co.Ltd ආයතනය සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Kelun Lifesciences Pvt Ltd චීන සමගම අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට මෙම කොන්දේසි ඇතුළත් කර තිබෙනවා.
