30 C
Colombo
Tuesday, April 29, 2025

ඡන්ද කාඩ් අද තැපෑලට

- Advertisement -

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, අප්‍රේල් මස 20 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස යොදාගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා,

“අද දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදීමට නියමිතයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික්ක මට්ටමින් අපිට ලැබීමට නියමිතයි. ඒ ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සෑම නිවසකටම බේදාදීමට කටයුතු කරන්න ඕනේ ඒ සඳහා අපිට 29 වනදා වෙනතුරු කාලය තියෙනවා. ඒ අතර කාලය තුළ අප්‍රේල් 20 විශේෂ බෙදීමේ දිනයකුත් දාලා තියෙනවා මොකද මේවා ගෙදර ඉන්න කෙනෙක්ට අත්සන් කරලා භාර දෙන්න ඕනේ වැදගත් ලියවිල්ලක් නිසා. එතකොට කවුරු හෝ කෙනෙක් ගෙදර ඉදලා අත්සන් කරලා භාරගන්න රැඳී සිටින්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ 29 වනදායින් පස්සේ ඡන්ද පත්‍රිකා බෙදන්න බැරි වුණ කොටසක් තියෙන්නේ පුළුවන් ඒ ප්‍රමාණය අපිට ආසන්න තැපැල් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරලා ඡන්ද පත්‍රිකා ලබාගැනීමේ පහසුකම දීලා තියෙනවා.”       

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද රක්ෂණ පැකැට්ටු තැපෑල වෙත භාරදීම ඊයේ  දිනයේ දී සිදු කෙරුණා.

දිස්ත්‍රික්ක 6කට අයත් පළාත් පාලන ආයතන 09කට අදාළ රක්ෂණ පැකට්ටු තැපෑල වෙත භාරගත් බවයි රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ.

මෙතෙක් ලැබුණු තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටුවලින් 70%කට වැඩි ප්‍රමාණයක් මේවනවිට බෙදාහැර අවසන් බවද සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

මරණ තර්ජන තියෙනවා නම් රටින් යන්න – මහින්ද

තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඊයේ (29) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ...

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

POPULAR ARTICLES