2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 07වන දිනය අද (21) වන අතර එහි ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
මේ අතර, රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කෑ ගසමින් ගසමින් ඊට විරෝධය පළ කළ ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට විපක්ෂ විපක්ෂනායකවරයා අසලට පැමිණීමට කටයුතු කර තිබුණ.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ හටගත් උණුසුම් තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමටද කතානායකවරයා පියවර ගෙන තිබුණා.
2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමේ සජීවී විකාශය පහතින් නරඹන්න,