වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරවල වහලය මත නැග විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ.
ඒ් නොවැම්බර් 27 දින මෙම විරෝධතාව ආරම්භ කර ඇත. මීට අමතරව අගුණකොල පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක්ද දින 5 ක් තිස්සේ විරෝධතාවයක නිරත වන බවත් බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හා පහසුකම් අවම වීම කොවිඩ් වසංගත අවදානම හමුවේ ඇප ලබාගැනීම, නඩු කඩිනම් කිරිම, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් අතර ඇති බව වාර්තතා වේ.