28.3 C
Colombo
Saturday, April 20, 2024

වනිදු රුපියල් කෝටි 29ක වාර්තාගත මුදලකට අලෙවි වෙයි

- Advertisement -

මෙවර IPL වෙන්දේසියේ මෙතෙක් විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ වැඩිම වටිනාකම වාර්තා කරමින් වනිදු හසරංග ඉන්දියානු රුපියල් කෝටි 10.75 කට මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කටයුතු කළා.

වනිදුව මිලදී ගැනීම සිදුකළේ පසුගිය වසරේද ඔහුව මිලදීගත් රෝයර් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

එය මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ මෙතෙක් විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ වැඩිම වටිනාකමයි.

එම වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 29කට ආසන්න අගයක් ගනී.

එය IPL ඉතිහාසයේ ශ්‍රී ලාංකීක ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම වටිනාකමයි.

මීට පෙර වැඩිම වටිනාකමකට අලෙවි වී තිබු ඇන්ජලෝ මැතිව්ස් 2015 වර්ෂයේ DD කණ්ඩායම විසින් මිලට ගෙන තිබුණේ ඉන්දියානු රුපියල් කෝටි 7.50කටයි.

වනිදු මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ අංක 01 ස්ථානයේ පසුවෙයි.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...