24 C
Colombo
Thursday, February 13, 2025

වැස්ස නිසා රියැදුරන්ට දැනුම්දීමක්

- Advertisement -

වර්ෂාව පවතින අවස්ථාවල කඳුකර ප්‍රදේශවල මාර්ගවල වාහන ධාවනයේදී මේ දිනවල විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රියැදුරන්ට දැනුම් දෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, පසුගිය දිනවල ඇඳ හැලුණු වර්ෂාවත් සමග‍ කඳුකර ප්‍රදේශවල ප්‍රධාන මාර්ග ආශ්‍රිතව ගල් පෙරලීම් හා නායයෑමේ අවදානම් ඇති විය හැකි බවයි.

වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මහනුවර- මහිංගණය මාර්ගයේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පාලම් හන්දියෙන් අද(24) උදෑසන 6.00 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ ඊයේ(23) පස්වරු 6.00 සිටයි.

පොලීසිය සඳහන් කළේ, පවතින අධික වැසි සමග උඩුදුම්බර කහටගොල්ල ප්‍රදේශයෙන් පස්කඳු හා ගල් කඩා වැටීමේ අවධානමක් හේතුවෙන් එලෙස මාර්ගය වසා දැමුණු බවයි.

මේ අතර අද(24) දිනයේත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර මඩකලපුව මාතලේ සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ අණාවැකියේ සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES