28.8 C
Colombo
Wednesday, March 26, 2025

දරුණු භූමිකම්පාවක් ගැන ජපානයට අනතුරු ඇඟවීමක්

- Advertisement -

ඉදිරි සතිය තුළ ජපානය තවත් ප්‍රබල භූමිකම්පාවකට මුහුණ දීමේ  අවදානමක් පවතින බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම ආයතනය පෙන්වා දී ඇත්තේ ජපානයේ නන්කායි අගල (Nankai Trough) පිහිටි ප්‍රදේශයේ මෙම අති ප්‍රබල මට්ටමේ මෙගා භූමිකම්පාවක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

ඉදිරි කාලයේදී එවැනි මෙගා භූමිකම්පාවක් සිදු වුවහොත්, එමඟින් හට ගන්නා දැඩි කම්පන තරංග සමඟ විශාල සුනාමි තත්වයක් අපේක්ෂා කරන බවද අදාළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් නිශ්චිත කාල සීමාවක් තුළ අදා​ළ භූ කම්පනය සිදුවන බව​ට පැවසිය නොහැකි බවත්, පවතින භූ ගෝලීය සාධක මත එවැනි භූ කම්පනයක් සිදුවීමේ හැකියාව මේ වනවිට ඉහළ මට්ටමක පවතින බවත් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය තුළින් පෙන්වාදෙනවා.

එමෙන්ම භූ විද්‍යාඥයන් සඳහන් කරන්නේ ජපානය තුළ භූ කම්පන ක්‍රියාකාරීත්වය පෙරට සාපේක්ෂව මේ වනවිට ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි.

ජපානයේ නිරිතදිග පැසිෆික් වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති නන්කායි අගල ආසන්න වශයෙන් කිලෝමීටර 900 දක්වා දුරට විහි​දී පවතින අතර, දළ වශයෙන් වසර 100 සිට 150 දක්වා කාලය තුළ මෙගා භූ කම්පනයක් ඇති වන බවට පසුගිය වසරේ සිදු කළ අධ්‍යනයන්ගෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එහි වඩාත්ම මෑත කාලීන ප්‍රබල මට්ටමේ භූ කම්පනය සිදුව ඇත්​තේ වර්ෂ 1946 දෙසැම්බර් 21 වන දින වන අතර එම අවස්ථාවේදී එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 8.1 ත් 8.4 අතර අගයක් සටහන් වී ඇති බවයි පැවසෙන්නේ.

නන්කායි අගලේ ඇති විය හැකි බවට සැකකෙරන දරුණුම භූමි කම්පාවකදී  මතු විය හැකි සුනාමි බලපෑමකින් පුද්ගලයන් 323,000 ක් පමණ මිය යා හැකි බවට අනුමාන කර තිබෙනවා.

ඒ සමඟ එරට කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් ටෝකියෝ අවට ප්‍රදේශවල සිට දකුණු ඔකිනාවා ප්‍රාන්තයේ ප්‍රදේශ දක්වා විහිදෙන කලාපයේ ඇති මහ නගර සභාවලට ඔවුන්ගේ භූමිකම්පා සූදානම පරීක්ෂා කරන ලෙසට දැනුම් දී ඇති බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

POPULAR ARTICLES