24 C
Colombo
Sunday, December 10, 2023

බයියන්ට මේ කියන්නේ, හෙට සිට පොලීසියට හමුදාවෙන් කෑම – රණවිරු චාගි ගාල්ලගේ

- Advertisement -

හෙට සිට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ශ්‍රී ලංකා පොලීසියට කෑම ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

කෑම යනු ආහාරද ප්‍රහාරයක්ද යන්න එතුමා පැහැදිලි කර නැහැ.

චාගි ගාල්ලගේ මහතා එහි සටහන් කර ඇත්තේ මෙය නොදන්න ටිංකිරි වලට කහින බයියන්ගේ දැනගැනීම පිණිස පළකල එකක් බවයි.

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවයට පැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යතුරු පැදි කණ්ඩායමට අයත් යතුරු පැදි හතරකට බාධා එල්ලකර නොමනා ලෙස හැසිරුණු බවට යුද හමුදාපතිවරයා විසින් පොලිස්පතිවරයාව දැනුවත් කර ඇති පසුබිමක චාගි ගාල්ලගේ මහතා මෙම සටහන තබා තිබීම විශේෂත්වයක්.

විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා යනු අවසන් සටනේදී 55 වන සේනාංකාධිපති ලෙස කටයුතු කළ පුද්ගලයායි.

ඔහුට ජාත්‍යන්තරය විසින් යුද අපරාධ චෝදනා එල්ලකර ඇති අතර 2017 මාර්තු 22 දා තම සොහොයුරා බැලීමට ඕස්ට්‍රේලියවට යාමට සූදානම් වූ මොහොතේ ඔහුට වීසා ලබාදීම ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 නොවැම්බරයේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයකට ගිය මොහොතේ ජනාධිපති ආරක්ෂක සේනාව භාරව ගිය චාගී ගාල්ලගේ යුද අපරාධකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානමක් පැවතියා.

එහිදී සංචාරයද අතරමැද නවතා දමා ලන්ඩනයෙන් විශේෂ ගුවන් යානයකින් නැවත මෙරටට පැමිණීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවුණා.


RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...