26.7 C
Colombo
Monday, June 16, 2025

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

- Advertisement -

දිවයිනේ නිරිත දිග කොටසේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

හෙට පස්වරු 2.00 දක්වා වලංගු වන පරිදි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර හා සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙම වැසි තත්ත්වය ඇති විය හැකි බවයි.

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට පවතින මෙම වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුල ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරු මැද, වයඹ  හා දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් තරමක තද සුළං ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES