ශ්‍රී ලංකාව තුළ ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය හැකි බැවින් සංචාරය කිරීමේ දී සැලකිලිමත් වන්නැයි එක්සත් ජනපදය එරට ජනතාව වෙත අනතුරු ඇඟවීම් සිදු කර තිබෙන බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරනවා.
කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් ද ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු නොවන බව එම උපදේශන මාලාවෙහි සඳහන් කර ඇත.
සංචාරක ස්ථාන,වෙළඳපොළ,ප්‍රවාහන මධ්‍යස්ථාන සහ සාප්පු සංකීර්ණ ඉලක්ක කර ගනිමින් සුළු හෝ අනතුරු ඇඟවීමක් නොමැතිව ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක් විය හැකි යැයි ද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.
හෝටල්,සමාජ ශාලා,පූජනීය ස්ථාන,උද්‍යාන,ක්‍රීඩා හා සංස්කෘතික උත්සව,අධ්‍යාපන ආයත්න,රෝහල්,ගුවන් තොටුපළ සහ වෙනත් පොදු ස්ථන රැසක් අවදානම් බව ද එහි සඳහන් ය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (6) මෙම සංචාරක මාර්ගෝපදේශ නිකුත් කිරීමට කටයුතු කරන ලදී.
ඇමරිකාව විසින් මැයි මස නිකුත් කළ සංචාරක මාර්ගෝපදේශ මාලාව නැවත යාවත්කාලීන කිරීමක් ලෙස මෙම නව නිවේදනය නිකුත් කර ඇත.