ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව එම සටනට අදාළ වැරදි තොරතුරු Meta සමාගමට අයත් සමාජ ජාලයන් තුළ පැතිරයාම නිසා ඒවා නිවැරදි කිරීමට පැය 24ක කාලයක් ලබා දෙන බව යුරෝපා සංගමය විසින් Meta ප්‍රධානී Mark Zuckerberg ට අනතුරු අඟවා තිබෙනවා.
Meta සමාගමට අයත් Facebook සහ Instagram සමාජ ජාලයන් තුළ මෙම ගැටුම පිළිබඳව වැරදි තොරතුරු මෙන්ම ව්‍යාජ ලෙස නම් කළ ඡායාරූප හා වීඩියෝපට විශාල ප්‍රමාණයක් සැරිසරන අතර ඒවා යුරෝපා සංගමයේ නීතිරීති වලට අනුකූල විය යුතු බවත් එම සංගමය විසින් සකර්බග් දැනුවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
යුරෝපා සංගමය විසින් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති හමාස් සංවිධානයට පක්ෂපාතී අන්තර්ගතයන් සහිත හානිකර දෑ ප්‍රචාරය වීම නැවැත්වීම නීත්‍යානුකූල අවශ්‍යතාවයක් බව යුරෝපා සංගමය විසින් Fcebook, Twitter ඇතුළු සියළුම මාධ්‍ය ජාලයන් වෙත අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින් meta සමාගම ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම විසින් සෙනසුරාදා ප්‍රහාරයෙන් පසු හට ගෙන ඇති මෙම තත්වය සමීපව නිරීක්ෂණය බවයි.
ඒ අනුව, නුසුදුසු යැයි හැඟෙන සියලුම පළකිරීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට හීබෲ සහ අරාබි භාෂාවන් චතුර ලෙස කතා කිරීමට හැකි පිරිසකින් සමන්විත විශේෂඥයන් කණ්ඩායමක් යොදවා ඇති අතර එය පැය 24ම ක්‍රියාත්මක වන මෙහෙයුම් ක්‍රියාවලියක් මඟින් පාලනය වන බවද එම සමාගම පෙන්වා දී තිබෙනවා.