30.3 C
Colombo
Thursday, April 25, 2024

ඖෂධ අධිකාරියේ දත්ත පද්ධතියට පහර දුන්නේ ඖෂධ මාෆියාවද?

- Advertisement -

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන්වීම හරහා මෙරට මහජන ආරක්ෂාව බරපතල අවදානමකට ලක්ව ඇති බව සමගි ජනබලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අද (21) දින පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2)යටතේ ප්‍රශ්න මතු කරමින්.

රටේ අලෙවිය සඳහා ඇති ඖෂධ නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහතික කරමින්, මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතළ තත්වයක් නිර්මාණය කර ඇති බවයි විපක්ෂනායකවරයා පවසන්නේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන්වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුගේ අත්වැරැද්දක් බවට ලඝු කිරීම තුළින් රටේ මහජන ආරක්ෂාවද දැඩි අවදානමකට ලක් කර ඇති බවත් විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම, ඖෂධ සඳහා අනුමැතිය ලබා දීම, එන්නත් සහ ඖෂධ ආනයනය සම්බන්ධ විවිධ විවේචන සහ ආන්දෝලනයන් ඇති වූ මෙම කාලවකවානුව තුළම මෙවන් සිදුවීමක් ඇති වීම විශාල සැකයකට තුඩු දෙන කාරණයක් බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ ඖෂධ මාෆියාවට පෙර පරිදි රිසිසේ කටයුතු කිරීමට නොහැකි වීම නිසා ඇතිවූ ඉච්ඡාභංගත්වය සහ අසීමිත මූල්‍ය වාසි නොලැබීම හේතුවෙන් ඇති වූ ද්වේෂය මත දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකි බවයි.

මෙය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන විමර්ශන මගින් අණාවරනය කෙරෙමින් පවතින බවත් ඔහු පවසනවා.

මෙම දත්ත පද්දතියෙන් ගොණු 5,925ක් මැකිගොස් තිබෙන බවත් එයින් 3,137ක්(53%ක්) සාමාන්‍ය ඔසුසැල්, ෆාමසි රෙජිස්ටර් කිරීම අදාලව සහ ඒවා නැවත ලියාපදිංචි කිරීමට අදාල ලිපි ගොනු බවත් එහිදී පේටන් අයිතිය සහිත නව රසායනික ද්‍රව්‍ය(New chemical entity) වලට අදාල ලිපිගොනු කිසිවක් මැකිගොස් නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

විල්ගමුව පොලිසියේ ගිනි අවියක් සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

විල්ගමුව පොලිස් ස්ථානයේ මාර්තු 25 වනදා අතුරුදන් වූ ටී 56 ගිනි අවිය සොරා ගත් බවට පුද්ගලයෙකු ඊයේ ( 24) සවස් කාලයේදී අරලගන්විල ප්‍රදේශයේදී...

මහින්දානන්දගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් ගිහින්

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය...

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...