29.5 C
Colombo
Wednesday, July 9, 2025

බස් අනතුරට හේතුව කාර්මික දෝෂයක්ද?

- Advertisement -

බදුල්ල, දුන්හිඳ බස් රථ අනතුර සිදුවූයේ කාර්මික දෝෂයකින්ද, නැතහොත් රිය ධාවනයේ අපරික්ෂාකාරී බව හේතුවෙන්දැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 34 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මියගිය සිසුවියන්ගේ අවසන් කටයුතු අද (03) සිදුකළා.

බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ඇල්ල ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්ව සිසුවියන් දෙදෙනෙකුට දිවි අහිමි වී තවත් 40දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය වාර්තා වූයේ පසුගිය පළමුවනදායි.

අනතුර සිදුවීමට මිනිත්තු කිහිපයකට පෙර අදාළ බස් රථය වේගයෙන් ධාවනය කෙරෙන ආකාරය මෝටර් රථයක සවිකර තිබූ කැමරාවක ද සටහන්ව තිබුණා.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතා පවසා තිබුණේ බස් රථය සම්බන්ධව රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට නියමිත බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බස් රථය තුන්වන හෝ සිව්වන ගියරයේ ධාවනය කරන්නට ඇති බවට පොලීසිය සැක පළකරනවා.

එවැනි අවස්ථාවක කිලෝමීටර් 4ක් පමණවන බෑවුම් සහිත ප්‍රදේශයේදී රථය වේගයෙන් ධාවනයවීමෙන් ලිස්සා ගොස් මාර්ගයේ ඉවතට ධාවනයවී අසළ පස් කන්දෙහි ගැටෙන්නට ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පළකරනවා.

කෙසේවෙතත් අදාළ අනතුර සිදුවූයේ කාර්මික දෝෂයකින්ද, නැතහොත් ධාවනයේදී සිදුවූ ගැටලුවක් හේතුවෙන්දැයි සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන් අනතුරට ලක්වන අවස්ථාවේ බස්රථය ධාවනය වූ ආකාරය පිළිබඳව තාක්ෂණානූකූලව විමර්ශනය කිරීමටත් පොලීසියේ අවධානය යොමුවී තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර අදාළ අනතුරින් තුවාල ලැබූ සිසු සිසුවියන් ඇතුළු 40 දෙනෙකු අතුරින් 6 දෙනෙක් ප්‍රතිකාර ලබා බදුල්ල ශික්ෂණ රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර 7 දෙනෙකු තවදුරටත් රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

නවකවධය වැළැක්වීමට නිර්දේශ රැසක්

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක්   ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය...

POPULAR ARTICLES

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...